හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පුව ප්‍රදේශයේදී අද (23) උදෑසන මාර්ගයට විශාල ගසක් කඩා වැටීම හේතුවෙන් ගමනාගමන කටයුතු දැඩි ලෙස ඇනහිට තිබුණි.

උදෑසන 6.10ට පමණ මෙම සිදුවීම වාර්තා වූ අතර, එම වේලාව කාර්යාල සේවකයින් සහ පාසල් සිසුන් ඇතුළු විශාල පිරිසක් ගමන් ගන්නා කාර්යබහුල වේලාවක් වීම නිසා මාර්ගයේ දෙපසම දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබුණි.

සිදුවීම සැලවීමත් සමඟ ප්‍රදේශවාසීන්, වතු කම්කරුවන්, මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සහ හැටන් පොලීසිය එක්ව කඩිනම් මෙහෙයුමක් දියත් කළහ.

පැයකට ආසන්න කාලයක් සිදුකළ මෙහෙයුමකින් අනතුරුව කඩා වැටුණු ගස ඉවත් කර මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන ඇත. මේ වන විට එම මාර්ගයේ රථවාහන ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බව වාර්තා වේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version