දිට්වා සුළි කුණාටුව සහ ඉන් අනතුරුව ඇතිවූ ගංවතුර තත්ත්වයන් හේතුවෙන් පීඩාවට පත් පාසල් සිසුන් දිරිගැන්වීම සහ ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු යථා තත්ත්වයට පත් කිරීම අරමුණු කරගනිමින් ‘Hope in a Backpack’ වැඩසටහන ආරම්භ කෙරිණි.

මෙම සමාජ සත්කාර වැඩසටහන ටාටා සමූහය, ඩිමෝ (DIMO) සහ චයිල්ඩ් ෆන්ඩ් (ChildFund) ආයතනවල ඒකාබද්ධ දායකත්වයෙන් ක්‍රියාත්මක වේ. කොළඹ තාජ් සමුද්‍රා හෝටලයේදී පැවැති මෙම වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

ඩිමෝ ආයතනයේ ‘ලස්සන හෙටක්’ වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මගින් සිසුන් 27,000කට අධික පිරිසකට පාසල් උපකරණ සහිත බෑග් ලබාදීම සිදු කෙරේ. කෑගල්ල, නුවරඑළිය සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල පාසල් සිසුන් ඉලක්ක කරගනිමින් මෙම සහන බෙදාහැරීම සිදු කෙරෙන අතර, ටාටා සහ ඩිමෝ ආයතනවල සේවක මහත්ම මහත්මීන් ස්වේච්ඡාවෙන් මෙම කටයුතු සඳහා දායක වී ඇත.

මෙම හවුල්කාරිත්වය පිළිබඳ අදහස් දක්වමින් ඩිමෝ සභාපති රංජිත් පණ්ඩිතගේ මහතා සඳහන් කළේ, ව්‍යාපාරික සබඳතාවලින් ඔබ්බට ගොස් සමාජයට සැබෑ වෙනසක් සිදු කිරීම තම ආයතනයේ අරමුණ බවයි. දශක හයකට අධික කාලයක් පුරා පවතින ටාටා සහ ඩිමෝ අතර පවතින විශ්වාසනීය සබඳතාව මත මෙම සමාජ මෙහෙවර සාර්ථක කර ගැනීමට හැකි වූ බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version