ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන අභිචෝදකවරයා ලෙස කටයුතු කළ කරීම් ඛාන් මහතා සිය ධුරයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔහුට එරෙහිව එල්ල වී තිබූ ලිංගික අපචාර චෝදනා සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 82ක් ලැබීමත් සමඟ මෙම තීරණය ගෙන තිබේ.
අධිකරණයේ සේවය කළ කනිෂ්ඨ සේවිකාවක් සමඟ නුසුදුසු ලිංගික සබඳතාවක් පැවැත්වූ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබුණි. පසුගිය මාසයේදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔහු වැඩතහනමකටද ලක් කරනු ලැබීය.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ අධිකරණයේ අධීක්ෂණ මණ්ඩලය ජූනි මාසයේදී වාර්තාවක් නිකුත් කරමින් සඳහන් කළේ, අදාළ සේවිකාව ඉදිරිපත් කළ පැමිණිල්ල යටපත් කිරීමට උත්සාහ කරමින් ඔහු බරපතළ රාජකාරි පැහැර හැරීමක් සහ චරිත දූෂණයක් සිදු කර ඇති බවයි.
කෙසේවෙතත්, තමාට එල්ල වී ඇති මෙම සියලු චෝදනා කරීම් ඛාන් මහතා විසින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබේ. ජාත්‍යන්තර නීති ක්ෂේත්රයේ ඉහළම තනතුරක් දරමින් සිටියදී මෙවැනි චෝදනාවක් මත ඔහුට ධුරය අහිමි වීම ජාත්‍යන්තර අවධානයට ලක්ව ඇත.
