කළුතර, රෙමුණගොඩ කෝන්ගොඩ ශ්‍රී ගංගාරාම පුරාණ මහා විහාරස්ථානයේ ඉදිකළ නව ලෝහමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මේ බව සඳහන් කළාය.
එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ, වර්තමාන සංකීර්ණ සමාජ වටපිටාව තුළ ජනතාවට වඩාත්ම අවශ්‍ය වන්නේ සංයමය සහ ආධ්‍යාත්මික සැනසීම බවයි. භෞතික සම්පත්වලින් පමණක් නොව, ගුණධර්මවලින් පෝෂණය වූ සාධාරණ සමාජයක් ගොඩනැගීම රජයේ අපේක්ෂාව බවද ඇය පැවසුවාය.
ප්‍රදේශයේ ජනතාව සතු ලෝහ භාවිත කරමින් මෙම ප්‍රතිමාව නිර්මාණය කිරීම විශේෂත්වයක් බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී සිහිපත් කළාය. ඓතිහාසික උරුමයන් සුරක්ෂිත කිරීම සහ විහාරස්ථාන සංවර්ධනය කිරීම සඳහා බුද්ධ ශාසන අමාත්‍යාංශය සහ මධ්‍යම සංස්කෘතික අරමුදල හරහා රජය මේ වනවිටත් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් සිටී.
විහාරස්ථාන යනු හුදෙක් ගොඩනැගිලි පමණක් නොව, ජාතික අනන්‍යතාවය සහ සදාචාරාත්මක පදනම ආරක්ෂා කරන මධ්‍යස්ථාන බවත්, දහම් පාසල් අධ්‍යාපනය තුළින් ගුණගරුක දරු පරපුරක් බිහිකිරීමට මහා සංඝරත්නයෙන් ලැබෙන මඟපෙන්වීම රජය අගය කරන බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
මෙම අවස්ථාව සඳහා මහා සංඝරත්නය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජීව රණසිංහ සහ නන්දන පුෂ්පකුමාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
