ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා – මාලදිවයින් ව්‍යාපාරික කවුන්සිලයේ 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීම පසුගියදා පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් මසූද් ඉමාද් මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

එහිදී අමාත්‍යවරයා අවධාරණය කළේ ආයුර්වේද, අධ්‍යාපන, සෞඛ්‍ය, සංචාරක සහ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත යන ක්ෂේත්‍රවල ආයෝජන අවස්ථා පුළුල් කිරීමේ වැදගත්කම පිළිබඳවයි.

දෙරට අතර පවතින ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ලැබෙන පරිදි වෙළෙඳ සබඳතා ගොඩනඟා ගැනීමේ අවශ්‍යතාවය ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

දෙරට අතර ආයෝජන සහ සංචාරක ක්ෂේත්‍රයන්හි ප්‍රවර්ධනය උදෙසා පාලමක් ලෙස කටයුතු කිරීමට ශ්‍රී ලංකා – මාලදිවයින් ව්‍යාපාරික කවුන්සිලය සිය කැපවීම ප්‍රකාශ කර තිබේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version