වාණිජ, වාණිජ කටයුතු, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ උපදෙස් පරිදි, ලංකා සතොස ආයතනය විසින් මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව, හෙට (අගෝස්තු 08) දින සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 10ක මිල මෙලෙස අඩු කිරීමට නියමිතය.

දිවයින පුරා පිහිටි සියලුම ලංකා සතොස අලෙවිසැල් හරහා පාරිභෝගිකයන්ට මෙම සහන මිල යටතේ භාණ්ඩ මිලදී ගැනීමේ අවස්ථාව හිමිවේ.

ජනතාවට සහනයක් සැලසීමේ අරමුණින් මෙම මිල අඩු කිරීම සිදුකර ඇති බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version