චීනයේ ෂැංහයි නගරය ඇතුළු නැගෙනහිර කලාපයට බලපා ඇති ‘ඩොල්ෆින්’ නම් වූ ප්‍රබල සුළි කුණාටුව හේතුවෙන් දැඩි අවදානම් තත්ත්වයක් මතුව තිබේ. මෙම ආපදා තත්ත්වය හමුවේ මිලියනයකට අධික ජනතාවක් සිය නිවෙස්වලින් ඉවත් කර ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට එරට බලධාරීන් පියවර ගෙන ඇත.
කාලගුණ විද්‍යා අංශ පෙන්වා දෙන්නේ මෙම සුළි කුණාටුවත් සමඟ පැයට කිලෝමීටර් 150ක පමණ වේගයකින් දැඩි සුළං තත්ත්වයක් ඇති විය හැකි බවයි. මේ හේතුවෙන් ප්‍රදේශයේ ප්‍රවාහන කටයුතු සම්පූර්ණයෙන්ම පාහේ අඩාල වී ඇති අතර, ගුවන් ගමන් වාර දහසකට අධික සංඛ්‍යාවක් අවලංගු කිරීමට බලධාරීන්ට සිදුව තිබේ.
සුළි කුණාටුවේ බලපෑම පිළිබඳව මීට පෙර සිටම කාලගුණ විද්‍යා අංශ විසින් රතු නිවේදන නිකුත් කරමින් ජනතාව දැනුවත් කර තිබුණි. මේ වන විටත් බලපෑමට ලක්වූ ප්‍රදේශවල ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතී.
