හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අද (12) පෙරවරුවේ කොළඹ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණ තිබේ.

පවතින විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු මෙලෙස කැඳවා ඇති බව වාර්තා වේ.

මීට පෙරද විවිධ අවස්ථාවලදී විමර්ශන කටයුතු සඳහා ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීම් සිදු කර තිබිණි.

කෙසේ වෙතත්, අද දින සිදුකළ මෙම කැඳවීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version