ලෝක ප්‍රසිද්ධ BTS සංගීත කණ්ඩායමේ ජනප්‍රිය ගායක කිම් තේ-හ්යුන්ග් හෙවත් V, තමා ශ්‍රවණාබාධයකින් පෙළෙන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබේ. ඔහු මේ බව අනාවරණය කළේ පසුගියදා පැවති සජීවී විකාශයක් අතරතුරදීය.

තමා වසර දෙකහමාරක පමණ කාලයක සිට මෙම ගැටලුව සමඟ කටයුතු කරන බවත්, ඒ පිළිබඳව රසිකයන් දැනුවත් කළ පළමු අවස්ථාව මෙය බවත් ඔහු සඳහන් කළේය. සිය දකුණු කනෙහි ශ්‍රවණ හැකියාව වම් කනට සාපේක්ෂව බෙහෙවින් අඩු මට්ටමක පවතින බව ඔහු වැඩිදුරටත් පැවසීය.

හමුදා සේවයේ නිරතව සිටියදී මෙම තත්ත්වය වඩාත් නරක අතට හැරුණු බව V පවසයි. මුල් අවස්ථාවේදී මෙය මානසික ශක්තියට සම්බන්ධ කරුණක් ලෙස සිතා ඔහු එය නොසලකා හැර තිබේ.

කෙසේ වෙතත්, මේ වන විට තමා නිතිපතා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා බවත්, ඖෂධ භාවිත කරන බවත් ඔහු රසිකයන් හමුවේ තහවුරු කළේය. BTS කණ්ඩායම සිය ලෝක සංචාරයේ නිරත වෙමින් සිටින අතරතුර මෙම හෙළිදරව්ව සිදු වීම රසිකයන් අතර දැඩි කතාබහට ලක්ව ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version