ගල්කිස්ස, හුළුදාගොඩ මාර්ගයේදී ඊයේ රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි.

යතුරුපැදියකින් පැමිණි හඳුනා නොගත් පුද්ගලයින් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා වහාම කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇත.

මෙම ඝාතනය සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර පවතින පෞද්ගලික ආරවුලක් හේතුවෙන් සිදුවන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version