යුක්‍රේනය විසින් රුසියාවේ විවිධ ඉලක්ක වෙත එල්ල කළ දැවැන්ත ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් හත්දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම වසරේ මේ දක්වා යුක්‍රේනය විසින් රුසියාවට එල්ල කළ ප්‍රබලතම ප්‍රහාරය ලෙස මෙය සැලකේ.

මෙම ප්‍රහාරය සඳහා ඩ්‍රෝන යානා 822ක් යොදාගෙන ඇති අතර, ඉන් යානා 600ක්ම රුසියාවේ අගනුවර වන මොස්කව් නගරය වෙත එල්ල කර තිබීම විශේෂත්වයකි.

ප්‍රහාරයේ අරමුණ සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුක්‍රේන බලධාරීන් පවසා ඇත්තේ, රුසියාවේ යුධ උපකරණ නිෂ්පාදන මධ්‍යස්ථාන සහ ඊට අදාළ සැපයුම් මාර්ග ඉලක්ක කර ගනිමින් මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි.

දෙරට අතර පවතින යුද ගැටුම් තවදුරටත් උත්සන්න වෙමින් පවතින පසුබිමක, මෙවැනි ප්‍රහාර මාලාවක් එල්ල වීම ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version