ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේදී පැවැති ‘වර්ල්ඩ් ඇතලටික්ස් සිල්වර් ලෙවල් කොන්ටිනෙන්ටල් ටුවර් 2026’ තරගාවලියේදී ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙපළක් ජාත්‍යන්තර ජයග්‍රහණ අත්කර ගැනීමට සමත් වූහ.

කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්වට එක්වූ දිල්හානි ලේකම්ගේ මීටර් 58.98ක දක්ෂතාවක් දක්වමින් තරගාවලියේ රිදී පදක්කම හිමිකර ගත්තාය. එම ඉසව්වේ රන් පදක්කම මීටර් 59.13ක දුරක් වාර්තා කළ බ්‍රසීලයේ ජුසිලීන් සේල්ස් ද ලිමා විසින් දිනා ගන්නා ලදී.

එමෙන්ම, පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වට සහභාගී වූ ශ්‍රී ලංකාවේ සුමේධ රණසිංහ මීටර් 80.29ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය.

මෙම තරගාවලියේදී ඉන්දීය ක්‍රීඩිකා අනු රාණි මීටර් 56.96ක දක්ෂතාවක් දක්වමින් ලෝකඩ පදක්කම හිමිකර ගත්තාය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version