ඩුබායි රාජ්‍යයේ සැඟව සිටි ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර හෙවත් ‘බස් ලලිත්’ නමැත්තා මෙරටට රැගෙන ඒමට කටයුතු යොදා ඇත.

සැකකරු අගෝස්තු 25 වන දින දිවයිනට රැගෙන ඒමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් මේ වන විටත් ඩුබායි බලා පිටත්ව ගොස් තිබේ.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ලබා දුන් තොරතුරු සහ දැනුම් දීම් මත, පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී ඩුබායි පොලිසිය විසින් මෙම සැකකරුව අත්අඩංගුවට ගනු ලැබීය.

මෙරට සිදු වූ අපරාධ රැසකට සම්බන්ධ බවට සැක කෙරෙන මොහු, දීර්ඝ කාලයක් තිස්සේ විදේශගතව සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවූ අයෙකු බවට තොරතුරු අනාවරණය වී ඇත.

සැකකරු දිවයිනට රැගෙන ඒමෙන් අනතුරුව ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කිරීමට සහ නීතිමය පියවර ගැනීමට නියමිතය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version