නේපාලයේ හිමාල කඳුකර ආශ්‍රිත ප්‍රදේශවල හදිසියේ ඇති වූ දරුණු ගංවතුර තත්ත්වයක් සහ නායයෑම් හේතුවෙන් පුද්ගලයින් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. මෙම ආපදා තත්ත්වය නිසා තවත් පිරිසක් අතුරුදන්ව ඇති අතර, මේ වන විටත් සහන සේවා කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතී.
මෙම ඛේදජනක පුවත සම්බන්ධයෙන් සිය බලවත් කම්පනය පළ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා ඇත්තේ, පීඩාවට පත් ජනතාව මුදා ගැනීමේ සහ සහන සැලසීමේ කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබා දීමට සූදානම් බවයි.
සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා අදහස් දක්වමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ස්වභාවික ආපදාවලින් ඇති වන දුෂ්කරතා හොඳින් වටහා ගත් රටක් ලෙස මෙම අසීරු අවස්ථාවේදී නේපාල රජය සහ ජනතාව සමඟ ශ්‍රී ලංකාව සහයෝගයෙන් කටයුතු කරන බවයි.
නේපාල ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ එරට ජනතාව වෙත සිය ශෝකය ප්‍රකාශ කරන බව ද ජනාධිපතිවරයා සිය පණිවිඩය මගින් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.
