මහවැලි සංවර්ධන ව්‍යාපෘතියේ අවසාන මහා වාරි කර්මාන්තය ලෙස සැලකෙන මොරගහකන්ද සහ කළුගඟ ජලාශ ව්‍යාපෘතියේ ජල මට්ටම මේ දිනවල පවතින වියළි කාලගුණය හේතුවෙන් කැපී පෙනෙන ලෙස පහත වැටී ඇත.
මෙම ජලාශ ඉදිකිරීමේදී ග්‍රාම සේවා වසම් හතකට අයත් විශාල භූමි ප්‍රමාණයක් ජලයෙන් යටවී තිබූ අතර, ජලය සිඳී යාමත් සමඟ එම පැරණි ජනාවාසවල නටඹුන් යළි මතු වී තිබේ.
ඒ අනුව හතේ කණුව, කෝංගහවෙල, කඹරව සහ මොරගොල්ල ඇතුළු ජලාශයට යටවූ පැරණි ගම්මානවල නටඹුන් මේ වන විට ප්‍රදේශවාසීන්ට දැකගත හැකි වී ඇත.
මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම මෙලෙස පහළ යාම ප්‍රදේශයේ වාරි කටයුතු සහ පරිසර තත්ත්වයන් කෙරෙහි බලපෑම් ඇති කරන කරුණක් බවද වාර්තා වේ.
