දිවයින පුරා පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ ඉදිරි වසර තුළ පොල් අස්වැන්න පහළ යාමේ අවදානමක් පවතින බව පොල් පර්යේෂණ ආයතනය පවසයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් එම ආයතනයේ සභාපති මහාචාර්ය අජිත් ජයවීර මහතා සඳහන් කළේ, ඉදිරි මාස කිහිපය තුළ ද මෙම වියළි කාලගුණය තවදුරටත් පැවතියහොත් පොල් අස්වැන්නට එල්ල වන බලපෑම තීව්‍ර විය හැකි බවයි.
කෙසේ වෙතත්, පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ පොල් අස්වැන්නෙහි 11%ක වර්ධනයක් වාර්තා වී ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මේ අතර, පොල් වගාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් දිවයින පුරා අක්කර 40,000ක නව පොල් වගා කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව මීට පෙර වාර්තා විය.
