සිරගතව සිටින පාකිස්තානයේ හිටපු අගමැති සහ ලෝක කුසලාන ජයග්‍රාහී නායක ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්ෂේත්රයේ ප්‍රමුඛයන් සිය දැඩි කනස්සල්ල පළ කර තිබේ.
ශ්‍රී ලංකාවේ අර්ජුන රණතුංග, ඉන්දියාවේ සුනිල් ගවස්කාර් සහ කපිල් දේව් ඇතුළු ලොව ප්‍රවීණ ක්‍රිකට් නායකයන් රැසක් එක්ව, ඉම්රාන් ඛාන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර කඩිනමින් ලබාදෙන ලෙස පාකිස්තාන බලධාරීන්ගෙන් ඉල්ලා ඇත. ක්ලයිව් ලොයිඩ්, ඇලන් බෝඩර් සහ චැපල් සහෝදරයන් ද මෙම ඉල්ලීමට එක්ව සිටිති.
පාකිස්තාන ක්‍රිකට් ක්ෂේත්රය තුළ ද මේ පිළිබඳව දැඩි කතාබහක් ඇතිව තිබේ. 1992 ලෝක කුසලාන ජයග්‍රාහී කණ්ඩායමේ සාමාජිකයන් වූ මොයින් ඛාන් සහ ජාවෙඩ් මියන්ඩාඩ් ද තම හිටපු නායකයාට හිමිවිය යුතු ගෞරවය සහ වෛද්‍ය පහසුකම් ලබාදෙන ලෙස ප්‍රසිද්ධියේ ඉල්ලා සිටියහ.
ඕස්ට්‍රේලියානු ටෙස්ට් නායක පැට් කමින්ස් ද අදහස් දක්වමින් පවසා ඇත්තේ, හිටපු නායකයෙකු ලෙස ඉම්රාන් ඛාන්ට ගෞරවාන්විතව සලකනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි. 2023 වසරේ සිට සිරගතව සිටින ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ඔහුගේ පවුලේ සාමාජිකයන් ද මීට පෙර අවස්ථා කිහිපයකදීම කරුණු වාර්තා කර තිබුණි.
කෙසේ වෙතත්, ඉම්රාන් ඛාන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම ප්‍රතික්ෂේප කරන බවට එල්ල වන චෝදනා පාකිස්තාන බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර ඇත. දේශපාලනයට පිවිසීමට පෙර ක්‍රිකට් පිටියේ දැවැන්තයෙකු වූ ඉම්රාන් ඛාන්, අදටත් පාකිස්තානයේ වඩාත්ම ජනප්‍රිය චරිතයක් ලෙස සැලකේ.
