ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් (අධ්‍යාපන) සන්දිප් චෞද්‍රි මහතා සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්තලාල් රත්නසේකර මහතා අතර හමුවක් පසුගියදා ත්‍රිකුණාමලයේ පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්වුණි.

මෙම හමුවේදී නැගෙනහිර පළාතේ රාජ්‍ය නිලධාරීන් සඳහා අවශ්‍ය අධ්‍යාපනික පුහුණු වැඩසටහන් දියත් කිරීමට ඉන්දීය රජයේ පූර්ණ සහයෝගය ලබා දීමට සූදානම් බව සන්දිප් චෞද්‍රි මහතා ප්‍රකාශ කළේය.

පළාතේ විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් ඉන්දියාව විසින් ලබා දෙන අධ්‍යාපනික ශිෂ්‍යත්ව වැඩසටහන් සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා මෙහිදී සිය කෘතඥතාව පළ කළේය.

දෙපාර්ශවය අතර පවතින අධ්‍යාපන සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version