ලිට්‍රෝ ගෑස් සමාගම විසින් සිය ගෑස් සිලින්ඩරවල මිල ගණන් පහත දැමීමට තීරණය කර ඇති බව එම සමාගමේ සභාපතිවරයා නිවේදනය කරයි. මෙම මිල සංශෝධනය අද (05) මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මක වේ.

ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 4,365ක් ලෙස තීරණය කර ඇත.

එමෙන්ම කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 42කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1,750කි. කිලෝග්‍රෑම් 2.3ක කුඩා ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 20කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 815ක් ලෙස සටහන් වේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version