2026 වසරේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර රූ රැජින තරගාවලියක් වන ‘මිස් ග්‍රෑන්ඩ් ඉන්ටර්නැෂනල්’ (Miss Grand International) තරගාවලියේ සත්කාරක රට ලෙස ඉන්දියාව ඉවත් කිරීමට එහි සංවිධායක මණ්ඩලය තීරණය කර ඇත.

තරගාවලිය සඳහා නියමිත තරු පහේ මට්ටමේ ආගන්තුක සත්කාර සහ නිෂ්පාදන ප්‍රමිතීන් පවත්වා ගැනීමට ඉන්දියාව අපොහොසත් වීම මෙම තීරණයට හේතු වී ඇති බව වාර්තා වේ. තරගකාරියන්ගේ ආරක්ෂාව, සුවපහසුව සහ තරගාවලියේ විශ්වසනීයත්වය තහවුරු කිරීම සඳහා මෙම ප්‍රමිතීන් අත්‍යවශ්‍ය සාධක බව සංවිධායකයින් අවධාරණය කරයි.

ගැටලුව විසඳීම සඳහා අවස්ථා කිහිපයකදී සාකච්ඡා පැවැත්වුවද, එකඟ වූ කොන්දේසි ඉටු කිරීමට නොහැකි වීම නිසා තරගාවලියේ ඉතිරි කටයුතු තායිලන්තයේදී පැවැත්වීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව, සැප්තැම්බර් 18 වැනිදා සිට ඔක්තෝබර් 10 වැනිදා දක්වා කාලය තුළ තායිලන්තයේදී තරගාවලිය පැවැත්වෙනු ඇත. තරගාවලියේ නව කාලසටහන සහ ස්ථාන පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරියේදී නිල වශයෙන් දැනුම් දෙන බව සංවිධායකයින් වැඩිදුරටත් සඳහන් කරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version