කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ විශේෂ වැටලීමකදී හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම වැටලීම ඊයේ (07) රාත්‍රී කාලයේදී ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමට අයත් ලක් සඳ සෙවණ, සාලමුල්ල ප්‍රදේශයේදී සිදුකර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු 24 හැවිරිදි වියේ පසුවන්නෙකි. ඔහු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බව පොලිසිය පවසයි. සැකකරු සන්තකයේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 02ක ප්‍රමාණයක් සොයාගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version