ලෝක තාක්ෂණික ක්ෂේත්‍රයේ දැඩි අවධානයක් දිනාගත් ඇපල් සමාගමේ නවතම ස්මාර්ට් ජංගම දුරකථන යුගලය වන iPhone 18 Pro සහ iPhone 18 Pro Max නිල වශයෙන් එළිදක්වා තිබේ.

මෙම නව මාදිලි සඳහා ඇපල් සමාගම විසින් අති නවීන A20 චිප්සෙට් එකක් ඇතුළත් කර ඇති අතර, එමගින් දුරකථනයේ ක්‍රියාකාරීත්වය සහ බැටරි ධාරිතාව පෙර පැවති මාදිලිවලට වඩා ඉහළ මට්ටමකට ගෙන ඇත.

විශේෂයෙන්ම කැමරා පද්ධතියේ විශාල දියුණුවක් සිදුකර ඇති අතර, නවීන AI තාක්ෂණය ද මෙයට එක් කර තිබේ. එසේම, නැවත නිර්මාණය කරන ලද කුඩා Dynamic Island පහසුකම සහ එකවර Live activities තුනක් දර්ශනය කිරීමේ හැකියාව මෙම දුරකථන සතු විශේෂත්වයකි.

මෙම දුරකථන කළු, රිදී, ග්ලැසියර් සහ නව බර්ගන්ඩි යන වර්ණ හතරකින් ලබාගත හැකිය. ගබඩා ධාරිතාව ලෙස 256 GB සිට 2 TB දක්වා පරාසයකින් පාරිභෝගිකයන්ට තෝරා ගැනීමේ අවස්ථාව හිමිවේ.

ඇමරිකානු වෙළඳපොළ තුළ මෙම දුරකථනයක මූලික මිල ඇමරිකානු ඩොලර් 1,199ක් ලෙස නියම කර ඇත. ලබන දින කිහිපය තුළ ලොව පුරා රටවල් 65කට අධික සංඛ්‍යාවක පෙර ඇණවුම් කිරීමේ අවස්ථාව විවෘත වනු ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version