චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විශේෂ ගුවන් යානයකින් ඇමරිකා එක්සත් ජනපදය වෙත පැමිණියේය. ඇමරිකානු වේලාවෙන් ඊයේ (23) පස්වරුවේ වොෂින්ටන් නගරයට ආසන්න ඇන්ඩෲස් ඒකාබද්ධ හමුදා කඳවුර වෙත ඔහු ගොඩ බැස්සේය.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ නිල ආරාධනයකට අනුව මෙම රාජ්‍ය සංචාරය සිදු කෙරේ. ජනාධිපති ෂී ජින්පිං සහ ඔහුගේ බිරිඳ පෙං ලීයුවාන් මහත්මිය පිළිගැනීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ප්‍රථම ආර්යාව වන මෙලනියා ට්‍රම්ප් ගුවන් තොටුපළ වෙත පැමිණ සිටීම විශේෂත්වයක් විය.

දෙරටේ නායකයන් අතර පැවැත්වෙන මෙම රාජ්‍ය සංචාරය ජාත්‍යන්තර දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්ව ඇති අතර, ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version