හටන් – පොගවන්තලාව ප්‍රධාන මාර්ගයේ, දික්ඔය මූලික රෝහල ආසන්නයේදී අද (25) පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් ත්‍රිරෝද රථ රියදුරෙකු බරපතල තුවාල ලබා ඇතැයි නොර්වුඩ් පොලිසිය පවසයි.

අද දහවල් 2.30ට පමණ මෙම අනතුර සිදුවී ඇති අතර, හටන් දෙස සිට නොර්වුඩ් දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් සහ මස්කෙළිය – සාමිමලේ ප්‍රදේශයේ සිට හටන් දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් මෙලෙස මුහුණට මුහුණ ගැටී තිබේ.

අනතුරින් ත්‍රිරෝද රථයට දැඩි අලාභහානි සිදුවී ඇති අතර, බස් රථයේ ඉදිරිපස සහ පැති කොටස්වලටද හානි සිදුව ඇත. බරපතල තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියදුරු වහාම දික්ඔය මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

ත්‍රිරෝද රථ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතු වී ඇති බවට පොලිසිය සැක පළ කරයි. සිද්ධිය සම්බන්ධයෙන් නොර්වුඩ් පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version