කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත. පසුගියදා පැවති පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති අතර, ඒ සඳහා මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් යෝජනාව ඉදිරිපත් කර තිබේ.

මෙම විශ්වාසභංග යෝජනාවට කතානායකවරයාට එරෙහි චෝදනා 46ක් ඇතුළත් වන අතර, මෙරAට ඉතිහාසයේ වැඩිම චෝදනා සංඛ්‍යාවක් සහිත විශ්වාසභංග යෝජනාව මෙය බව වාර්තා වේ. විශේෂඥ කණ්ඩායමක් විසින් දැනටමත් මෙම යෝජනාව කෙටුම්පත් කර අවසන්ය.

රාජ්‍ය දේපළ අවභාවිතය, නිල නිවාස සහ වාහන අනිසි ලෙස භාවිත කිරීම, පෞද්ගලික කාර්ය මණ්ඩල පත් කිරීම්වලදී සිදුවූ අක්‍රමිකතා සහ පාර්ලිමේන්තු සන්නිවේදන අංශයට අයත් උපකරණ අනීතිකව ලබා ගැනීම ඇතුළු බරපතළ චෝදනා රැසක් ඊට ඇතුළත් වේ.

විපක්ෂයේ සියලුම පක්ෂවල සහාය මෙම යෝජනාව සඳහා ලැබී ඇති බව දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි. අදාළ විශ්වාසභංග යෝජනාව මීළඟ පාර්ලිමේන්තු සතියේදී පාර්ලිමේන්තු මහ ලේකම්වරිය වෙත භාරදීමට නියමිතය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version