2026 ලෝක ජනාවාස දිනය සැමරීම වෙනුවෙන් නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්යාංශය විසින් සංවිධානය කරනු ලබන පාපැදි සවාරිය අද (04) දඹුල්ල නගරයෙන් ආරම්භ කෙරිණි.
මෙම පාපැදි සවාරියේ පළමු අදියර අද පෙරවරු 7.30ට දඹුල්ලෙන් ආරම්භ වූ අතර එය ගලේවෙල, කුරුණෑගල සහ වරකාපොල හරහා නිට්ටඹුව නගරයෙන් අවසන් වීමට නියමිතය. මෙම අවස්ථාව සඳහා බුද්ධශාසන නියෝජ්ය අමාත්ය ගමගෙදර දිසානායක මහතා ඇතුළු දේශපාලන නියෝජිතයන් සහ රාජ්ය නිලධාරීන් පිරිසක් එක්ව සිටිති.
සවාරියේ දෙවන අදියර හෙට (05) පෙරවරු 6.30ට නිට්ටඹුවෙන් ආරම්භ වී යක්කල, කඩවත සහ කිරිබත්ගොඩ හරහා ගමන් කර කොළඹ අරලියගහ මන්දිරය අසලින් අවසන් වීමට නියමිතය.
මෙම අවසාන උත්සවය සඳහා අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්ය අමාත්ය ටී.බී. සරත් මහතා ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිතව ඇත.
ශ්රී ලංකා පොලිසියේ සහ ශ්රී ලංකා ගුවන් හමුදාවේ ප්රමුඛ පෙළේ පාපැදි ධාවකයින් රැසක් මෙම පාපැදි සවාරිය සඳහා සිය දායකත්වය ලබා දෙති.
