මත්ද්රව්යවලට ඇබ්බැහි වූවන් කළමනාකරණය, ප්රතිකාර සහ පුනරුත්ථාපනය කිරීමේ 2026-2030 ජාතික උපායමාර්ගික සැලැස්ම ක්රියාත්මක කිරීමේ ප්රගතිය සමාලෝචනය කිරීමේ හමුවක් පසුගියදා අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්රධානත්වයෙන් මෙම රැස්වීම කැඳවා තිබුණේ අදාළ අමාත්යාංශ සහ ආයතනවල සහභාගීත්වයෙනි.
ජනාධිපතිවරයාගේ සහ අග්රාමාත්යවරියගේ උපදෙස් මත සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ නායකත්වයෙන් මෙම ජාතික සැලැස්ම ක්රියාත්මක වේ. මත්ද්රව්ය භාවිතය වැළැක්වීම, කල්තියා හඳුනා ගැනීම, ප්රතිකාර ලබාදීම, පුනරුත්ථාපනය සහ දිගුකාලීන පසු විපරම් ඇතුළු ප්රධාන ක්ෂේත්ර හයක් ඔස්සේ මෙම වැඩසටහන සකස් කර ඇත.
මෙම රැස්වීමේදී 2026 වසරේ ජනවාරි මස සිට ජූනි මස 30 වැනිදා දක්වා කාලය තුළ අදාළ ආයතන විසින් අත්කරගෙන ඇති ප්රගතිය පිළිබඳව කරුණු ඉදිරිපත් කෙරිණි. සෞඛ්ය අමාත්යාංශය, අධ්යාපන අමාත්යාංශය, ආරක්ෂක අමාත්යාංශය, ශ්රී ලංකා පොලිසිය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය ඇතුළු ආයතන රැසක් මෙහිදී සිය වාර්තා ඉදිරිපත් කළහ.
මෙම වැඩසටහන හරහා මත්ද්රව්ය භාවිතය අවම කිරීම සඳහා විධිමත් ජාතික රාමුවක් ස්ථාපිත කිරීම සහ නීතිමය ප්රතිසංස්කරණ ඇතුළු ක්ෂේත්ර රැසක ප්රගතියක් අපේක්ෂා කෙරේ. අග්රාමාත්ය ලේකම් ප්රදීප් සපුතන්ත්රි මහතා ඇතුළු රාජ්ය නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
