රටක මාර්ග, ගොඩනැගිලි හා ආර්ථිකය දියුණු වන අතරම ජනතාවගේ අභ්‍යන්තර ජීවිතය ද සෞන්දර්යයෙන්, සංස්කෘතියෙන් සහ නිර්මාණශීලීත්වයෙන් පොහොසත් විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති ‘අලුත් වැස්සක්’ සංස්කෘතික උත්සවය සහ ප්‍රදර්ශනය අමතමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළ අතර, මෙහිදී කලාව වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ඉටු කළ මහනුවර දිස්ත්‍රික්කයේ කලාකරුවන් අගයමින් සම්මාන ප්රදානය කිරීමද සිදු කෙරිණි.
මහනුවර ඓතිහාසික, කලාත්මක හා සංස්කෘතික උරුමයේ අගය පෙන්වා දුන් අගමැතිනිය, ශ්‍රී දළදා මාලිගාව, ඇම්බැක්කේ ලී කැටයම්, දෙගල්දොරුවේ බිතුසිතුවම් මෙන්ම උඩරට නර්තන සම්ප්රදාය සහ ප්‍රකට කලාකරුවන්ගේ දායකත්වය හේතුවෙන් මහනුවරට ආවේණික සංස්කෘතික අනන්‍යතාවයක් ගොඩනැගී ඇති බවත් ප්‍රකාශ කළාය.
පසුගිය දිනවල ඇති වූ ආපදා තත්ත්වයේදී මහනුවර ජනතාව මුහුණ දුන් අමාරුකම්වලදී ගාල්ල, මාතර, කළුතර වැනි දිස්ත්‍රික්කවල ජනතාව ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී දැක්වූ සහයෝගය සහ සහකම්පනය ඇය විශේෂයෙන් අගය කළාය.
ආපදාවෙන් පසු නැවත නැගී සිටින මහනුවර දිස්ත්‍රික්කයේ උඩරට දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත්කිරීම, හානි වූ නිවාස අලුත්වැඩියා කිරීම සහ මධ්‍යම සංස්කෘතික අරමුදල හරහා විහාරස්ථාන ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩකටයුතු වේගයෙන් ක්‍රියාත්මක වන බවද ඇය පැවසුවාය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් වෘත්තීය දැනුමට අමතරව කලාත්මක සංවේදීතාවය සහ මානුෂීය ගුණාංගවලින් පිරිපුන් පරපුරක් බිහි කිරීම අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍යතුමිය වැඩිදුරටත් කියා සිටියාය.
