දිවයිනේ ප්රදේශ රැසකට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 8ක් විවෘත කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
පවතින තත්ත්වය මත දැදුරුඔය ජලාශයෙන් තත්පරයට ඝන අඩි 16,500ක ජල ධාරිතාවක් මේ වන විට මුදාහැරෙමින් පවතින බව වාර්තා වේ. මෙම ජල මුදාහැරීම හේතුවෙන් ජලාශයට පහළින් පිහිටි ප්රදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක පහත්බිම්වල ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතී.
එමෙන්ම, රාජාංගනය ජලාශයේ ද වාන් දොරටු 8ක් විවෘත කර ඇති අතර, එමගින් තත්පරයට ඝන අඩි 7,884ක ජල ධාරිතාවක් කලා ඔයට මුදාහරින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
ගංගා ආශ්රිත පහත්බිම්වල පදිංචි ජනතාවට ඉදිරි පැය කිහිපය තුළ ජල මට්ටම ඉහළ යා හැකි බැවින් ඒ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් ඉල්ලා සිටී.
