ටිබෙටයට බලපෑ ප්රබල භූ කම්පනයක් හේතුවෙන් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි. රිච්ටර් පරිමාණ ඒකක 7ක ප්රබලත්වයක් සටහන් කළ මෙම භූ කම්පනය ටිබෙටයේ කඳුකර කලාපයකට දැඩි ලෙස බලපා ඇත.
මෙම ආපදාව හේතුවෙන් තවත් පුද්ගලයින් 65 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඉන් 11 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව සහන කණ්ඩායම් පවසයි. භූ කම්පනය නිසා නිවාස 300කට අධික සංඛ්යාවක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර ප්රදේශ රැසක විදුලිබලයද බිඳ වැටී තිබේ.
ආපදාවට ලක්වූවන් මුදාගැනීම සඳහා මේ වන විටත් සහන කණ්ඩායම් විශාල සංඛ්යාවක් යොදවා ඇති අතර, ප්රදේශයේ හදිසි තත්ත්වයක් ප්රකාශයට පත් කර ඇත. භූ කම්පනයෙන් අවතැන් වූ 12,400කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
