2026 මිස් ඉන්ටර්නැෂනල් වර්ල්ඩ් (Miss International World) රූ රැජින තරගාවලියේ අවසන් මහා තරගයේ ප්රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීම සඳහා, 2025 වසරේ එම තරගාවලියේ ජයග්රාහිකාව වන කැටලිනා ඩියුක් (Catalina Duque) මෙනවිය අද (23) අලුයම ශ්රී ලංකාවට පැමිණියාය.
ඇය කටාර් ගුවන් සේවයට අයත් QR 662 දරන ගුවන් යානයෙන් දෝහා සිට අලුයම 1.55ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර, ඇය පිළිගැනීම සඳහා මිස් ඉන්ටර්නැෂනල් වර්ල්ඩ් තරගාවලියේ ශ්රී ලංකා ජාතික සංවිධායිකා රජිතා ලොකුබණ්ඩාර මහත්මිය ඇතුළු පිරිසක් සහ ශ්රී ලංකා සංචාරක ප්රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.
කැටලිනා ඩියුක් මෙනවිය 2024 වසරේ මිස් කොලොම්බියා (Miss Colombia) රූ රැජින තරගාවලියේ ජයග්රාහිකාව ද වේ.
