ශ්‍රීලන්කන් ගුවන් සේවය සිය ජාත්‍යන්තර ගුවන් ගමන් ජාලය තවදුරටත් පුළුල් කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී විපුල් මිස්රා මහතා පවසයි.

මේ යටතේ විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරය වෙත ගුවන් ගමන් සඳහා පවතින ඉහළ ඉල්ලුම සැලකිල්ලට ගනිමින් එම සේවාවන් පුළුල් කිරීමට අවධානය යොමු කර ඇත.

එමෙන්ම චීනය බලා සිදුකරන ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරීමටත්, අප්‍රිකානු කලාපය වෙත නව ගුවන් ගමන් මාර්ග ආරම්භ කිරීමටත් ආයතනය සැලසුම් කරමින් සිටින බව ඔහු සඳහන් කළේය.

මෙම නව ගුවන් ගමන් මාර්ග ආරම්භ කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ දිගුකාලීන වර්ධනයට අවශ්‍ය දායකත්වය ලබා දීමයි.

ජාතික ගුවන් සේවයක් ලෙස රටේ ආර්ථික සංවර්ධනයට සහ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට දායක වීම තම ආයතනයේ ප්‍රමුඛ වගකීමක් බවද විධායක නිලධාරීවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version