කඩුවෙල මහ නගර සභාවේ සංවිධානයෙන් ‘ස්වර්ණ ද්වාර – කඩුවෙල සාහිත්ය කලා මහෝත්සවය 2026’ පසුගියදා කඩුවෙල මහ නගර සභා ශාලාවේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ යන සංකල්පය යටතේ පුරවැසියන් උදෙසා උසස් සංස්කෘතික ජීවිතයක් ගොඩනැගීමේ අරමුණින් මෙම වැඩසටහන ක්රියාත්මක කෙරිණි.
මෙම උත්සවයේදී කඩුවෙල ප්රදේශයට විශිෂ්ට සේවාවක් ඉටුකළ කලාකරුවන් කිහිප දෙනෙකු විශේෂ ඇගයීම් සම්මානයෙන් පිදුම් ලැබූහ. ඒ අනුව ප්රවීණ නාට්ය හා සිනමාවේදී හෙක්ටර් කුමාරසිරි, ප්රවීණ රංගන ශිල්පිනී උදය කුමාරි රණසිංහ සහ ප්රවීණ සිනමා කැමරා ශිල්පී අනුර කොඩිතුවක්කු යන මහත්ම මහත්මීන් මෙහිදී සම්මානයට පාත්ර විය.
එමෙන්ම ප්රදේශයේ පාසල් සිසුන් අතර පැවැත්වූ සාහිත්ය කලා තරගවලින් ජයග්රහණය ලැබූ සිසු සිසුවියන් 128 දෙනෙකු සඳහා සහතිකපත් සහ ත්යාග ප්රදානය කිරීමද මෙහිදී සිදු කෙරිණි.
මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්රී අසිත නිරෝෂණ, කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල්, නියෝජ්ය නගරාධිපති ශාන්ත ජාගොඩ ආරච්චි යන මහත්වරුන් ඇතුළු නාගරික මන්ත්රීවරුන්, නාගරික කොමසාරිස්වරිය, ප්රාදේශීය ලේකම්වරයා, මහාචාර්ය සමන් පනාපිටිය සහ විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
