කොබෙයිගනේ පොලිස් ස්ථානයේ රාජකාරි කළ පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු සහ කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇත. අත්අඩංගුවේ සිටියදී රෝහල්ගත කිරීමෙන් පසු මියගිය සැකකරුවෙකුගේ සිද්ධියක් සම්බන්ධයෙන් රාජකාරිය පැහැර හැරීම යන චෝදනාව මත මෙම පියවර ගෙන ඇති බව පොලිස් මාධ්ය ප්රකාශකවරයා සඳහන් කරයි.
පසුගිය ඔක්තෝබර් 25 වැනිදා සොරකම් කිහිපයකට සම්බන්ධ බව කියන පුද්ගලයෙකු ප්රදේශවාසීන් විසින් අල්ලා පොලිසියට භාරදෙනු ලැබීය. දින දෙකක් පොලිස් අත්අඩංගුවේ පසුවූ ඔහු, ඔක්තෝබර් 27 වැනිදා රාත්රියේ නිකවැරටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
මෙම සිද්ධියෙන් අනතුරුව සැකකරු පොලිසියට භාරදුන් ප්රදේශවාසීන් පස්දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. සැකකරු පොලිසියට භාරදෙන අවස්ථාවේදී ඔහු නිරුපද්රිතව සිටි බව ඔවුන්ගේ ඥාතීන් චෝදනා කරති. අත්අඩංගුවට ගත් ප්රදේශවාසීන් පස්දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
