යාපනය මණ්ඩතිව් ප්‍රදේශයේ අභිනවයෙන් ඉදිකිරීමට නියමිත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් කටයුතු මෙම මස 16 වැනි දින නිල වශයෙන් ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වේ.
මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය වන සියලුම පූර්ව අනුමැතීන් සහ සහතික මේ වන විට ලබාගෙන ඇති අතර, අදාළ කොන්ත්‍රාත්තු සමාගම්වල නියෝජිතයන්ද ඉදිකිරීම් භූමිය වෙත පැමිණ සිටින බව සඳහන්ය.
යෝජිත ක්‍රීඩාංගන භූමියේ ක්‍රීඩා පිටිය දැනට පවතින ස්වාභාවික මට්ටමට වඩා අඩි තුනක පමණ උසකින් ඉහළ නැංවීමට සැලසුම් කර ඇත. ප්‍රදේශයට ලැබෙන වර්ෂාපතනය හමුවේ වුවද පිටිය ජලයෙන් යටවීම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන තිබේ.
මෙම ක්‍රීඩාංගනය ඉදිකිරීම හරහා උතුරු පළාතේ ක්‍රීඩා සංවර්ධනයට සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නව අවස්ථා රැසක් උදා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
