Browsing: ලංකා ව්‍යාපාර

ඩුබායි සිට මෙරටට පිටුවහල් කළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ නීතිවිරෝධී මුදල්වලින් මිලදී ගත් රුපියල් කෝටි 10කට අධික වටිනාකමකින් යුත් දේපළ තහනම් කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.

සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණි ඇමරිකානු නාවික හමුදාවට අයත් USS Tulsa නෞකාව ආරක්ෂක ලේකම්වරයා විසින් නිරීක්ෂණය කරනු ලැබීය.

පසුගිය පෙබරවාරි මාසයේ අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුට විදේශගත වීමට ව්‍යාජ ලේඛන සැකසූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව රඳවා සිටින රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා ජාතික රෝහලෙන් මුදා හැර යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට පියවර ගෙන තිබේ.

අනාගත ජාතික සංවර්ධනය උදෙසා තරුණ පරපුර නවීන දැනුමෙන් හා කුසලතාවන්ගෙන් සන්නද්ධ කිරීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 77 වන සංවත්සරය නිමිත්තෙන් කොල්ලුපිටිය ජුම්මා මුස්ලිම් පල්ලියේදී විශේෂ ආගමික දේශනාවක් පවත්වන ලදී.

සාක් කලාපයේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවල මූල්‍ය ශක්‍යතාව ඉහළ නැංවීම අරමුණු කරගත් විශේෂ පුහුණු වැඩසටහනක් කොළඹදී ආරම්භ විය.

මහත්මා ගාන්ධිතුමන්ගේ 157 වැනි ජන්ම සංවත්සරය නිමිත්තෙන් අරලියගහ මන්දිරයේදී විශේෂ උත්සවයක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

අධිවේගී මාර්ගවල ගමන් ගන්නා මගීන්ගේ සහ රියදුරන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ආසන පටි පැළඳීම අනිවාර්ය කරමින් නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.