Browsing: Featured

අද අලුයම කුඹුක්කන ප්‍රදේශයේදී සිදුවූ බරපතළ රිය අනතුරකින් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. ට්‍රැක්ටරයක් හා ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලනියගේ අභාවය වෙනුවෙන් සංගීතවේදී දයාන් විතාරණ සිය හදවතේ ඇති වූ කම්පනය සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාගෙන තිබේ.

චීනය සහ දකුණු කොරියාව අතර පවතින මිත්‍රශීලී රාජ්‍යතාන්ත්‍රික සබඳතා අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාමට දෙරටේම අවධානය යොමුව තිබේ.

දිවයින පුරා විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් ඉදිකෙරෙන නව නේවාසිකාගාර 55ක ව්‍යාපෘතියේ පළමු පියවර වවුනියාව විශ්වවිද්‍යාලයෙන් ආරම්භ වේ.

තම භූමියට බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බවට චෝදනා කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉරානය සමඟ පවතින සියලුම වෙළඳ සහ මූල්‍ය ගනුදෙනු අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ පාරම්පරික වෛද්‍ය දැනුම සහ වෛද්‍ය පරම්පරා සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් නව TMK පරිගණක මෘදුකාංගය සහ විශේෂ කෞතුකාගාරයක් එළිදක්වා තිබේ.

මීගහවත්ත, දෙල්ගොඩ ප්‍රදේශයේදී සිදුවූ දරුණු රිය අනතුරකින් කුඩා දැරියක් ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ශ්‍රී ලංකාවේ පළමු ඩිජිටල් ජාතික හැඳුනුම්පත මෙම වසර අවසානයට පෙර නිකුත් කිරීමට නියමිත බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි.

කිලිනොච්චිය, පලෙයි රක්ෂිතයේ එල්.ටී.ටී.ඊ. කඳවුරක් සහ බෝම්බ නිෂ්පාදනාගාරයක් ඇති බවට අසත්‍ය ප්‍රකාශයක් සිදු කළ පුද්ගලයෙකු ලබන 2 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.