Browsing: Featured

රට පුරා විශ්වවිද්‍යාල සිසුන්ගේ නේවාසිකාගාර පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණින් නව නේවාසිකාගාර 55ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් රජය විසින් ආරම්භ කර තිබේ.

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ පැවති මහජන පැමිණිලි විභාගයකදී සුනඛ වෙස්මුහුණක් පැළඳ පැමිණි පුද්ගලයෙකු මහ නගර සභාවේ වන්ධ්‍යකරණ වැඩසටහනේ අක්‍රමිකතා පිළිබඳව චෝදනා එල්ල කර තිබේ.

2024 වසරේ ගාසා තීරයේදී මියගිය පස් හැවිරිදි හින්ද් රජාබ් දැරියගේ මරණය සම්බන්ධයෙන් ඊශ්‍රායල ආරක්ෂක අංශ පළමු වරට වගකීම පිළිගෙන තිබේ.

පවතින ආර්ථික අභියෝග හමුවේ වුවද 2026 වසරේ පළමු අර්ධය තුළ රුපියල් බිලියන 23 කට අධික බදු පසු ලාබයක් වාර්තා කිරීමට හැටන් නැෂනල් බැංකුව සමත්ව ඇත.

මෙම වසර අවසන් වීමට පෙර දිවයිනේ සියලුම ධීවර නිලධාරීන් වෙත විදුලි යතුරුපැදි ලබා දීමට පියවර ගන්නා බව ධීවර අමාත්‍යවරයා පවසයි.

ප්‍රකට නිරූපිකාවක සහ රංගන ශිල්පිනියක වූ ට්විෂා ෂර්මාගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් ඇගේ සැමියා සහ නැන්දම්මාට එරෙහිව ඉන්දීය මධ්‍යම විමර්ශන කාර්යාංශය විසින් චෝදනා ගොනු කර තිබේ.

කැනඩාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා පැනවීමට නියමිතව තිබූ 50%ක නව තීරුබද්ද දින තුනකින් කල් දැමීමට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබේ.

ඕමාන වෙළෙඳ උපදේශක පන්කජ් කිම්ජි මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අතර ද්විපාර්ශ්වික වෙළෙඳ සහ ආයෝජන අවස්ථා පිළිබඳව සාකච්ඡාවක් පැවැත්විණි.

ශ්‍රී ලංකාව ප්‍රමුඛ පෙළේ නෞකා සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ අරමුණින් ජර්මානු නියෝජිතයන් සමඟ සාකච්ඡාවක් පවත්වා තිබේ.