තමන් විසින් දරුකමට හදා ගැනීම සඳහා භාරගත් මාස 13ක් වයසැති බිළිඳෙකුට අමානුෂික ලෙස ලිංගික අතවර කර ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ ප්‍රෙස්ටන් ක්‍රවුන් උසාවිය විසින් තීන්දුවක් ප්‍රකාශයට පත් කර ඇත. මෙම අපරාධය සම්බන්ධයෙන් 37 හැවිරිදි ගුරුවරයෙකු සහ ඔහුගේ 32 හැවිරිදි සහකරු වැරදිකරුවන් වී තිබේ.
2023 අප්‍රේල් මාසයේදී මෙම යුවළ විසින් දරුවා භාරගෙන ඇති අතර, ඔවුන්ගේ රැකවරණය යටතේ සිටි කෙටි කාලසීමාව තුළ දරුවා අඛණ්ඩව දරුණු ශාරීරික වධහිංසාවලට සහ ලිංගික අපයෝජනයන්ට ලක්ව ඇති බව අනාවරණය වී ඇත. දරුවාගේ සිරුරේ තුවාල 40කට අධික සංඛ්‍යාවක් තිබූ බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු විය.
සැකකරුවන් විසින් දරුවා නාන තටාකයක ගිලී මියගිය බවට පොලිසියට බොරු ප්‍රකාශයක් ලබා දී තිබුණි. කෙසේ වෙතත්, වෛද්‍ය පරීක්ෂණවලදී හෙළි වූයේ දරුවාගේ ශ්වසන මාර්ගය අවහිර කිරීමෙන් සිදුවූ ඝාතනයක් බවයි. මීට අමතරව, දරුවාගේ අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබාගෙන තිබූ බව ද විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මරණයට පෙර දරුවා තුවාල සහිතව රෝහල්ගත කර තිබුණ ද, වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් ඒවා සාමාන්‍ය තුවාල ලෙස සලකා නොසලකා හැරීම ද විශේෂත්වයකි. මෙම අමානුෂික අපරාධය සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ දෙදෙනාට එළඹෙන බ්‍රහස්පතින්දා දඬුවම් නියම කිරීමට නියමිතය.
