ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් ප්ලූටෝ සහ සෙනසුරුගේ විශාලතම චන්ද්‍රයා වන ටයිටන් නිරීක්ෂණය කිරීමේදී විද්‍යාඥයන්ට මෙම අසාමාන්‍ය රසායනික සලකුණ හමුවී ඇත. වර්ණාවලි වික්ෂේපණ තාක්ෂණය ඔස්සේ සිදුකළ අධ්‍යයනයකදී මයික්‍රොමීටර 5.113ක තරංග ආයාමයකින් යුත් මෙම ආලෝක අවශෝෂණ කලාපය නිරීක්ෂණය වී තිබේ.

මෙම සොයාගැනීම කිසිදු දන්නා රසායනික ද්‍රව්‍යයකට සමාන නොවන බව පර්යේෂකයන් පවසති. ඇසිටිලීන්, බෙන්සීන් සහ කෙටීන් වැනි කාබනික සංයෝග සමඟ මෙය සංසන්දනය කළද, කිසිවක් එයට නිවැරදිව නොගැලපීම විද්‍යාඥයන් මවිතයට පත් කර ඇත.

එකිනෙකට වෙනස් පරිසර පද්ධති සහිත ලෝක දෙකක මෙවැනි සමාන රසායනික සලකුණක් දක්නට ලැබීම විශේෂත්වයකි. ටයිටන් ඝන වායුගෝලයකින් සහ ද්‍රව මෙතේන් සහිත විල්වලින් සමන්විත වුවද, ප්ලූටෝ යනු සිහින් වායුගෝලයක් සහ අයිස් මතුපිටක් සහිත ශීතල ලෝකයකි.

මෙය විද්‍යාවට අලුත් ද්‍රව්‍යයක් විය හැකි බවත්, නැතහොත් අන්ත ශීතල තත්ත්වයන් යටතේ රසායනික සංයෝග වෙනස් ආකාරයකට හැසිරීමෙන් ඇති වූවක් විය හැකි බවත් විද්‍යාඥයන් අනුමාන කරති. ඉදිරියේදී සිදුකෙරෙන රසායනාගාර පරීක්ෂණ සහ නාසා ආයතනයේ ‘ඩ්‍රැගන්ෆ්ලයි’ මෙහෙයුම හරහා මෙම අභිරහස විසඳා ගැනීමට අපේක්ෂා කෙරේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version