ශ්‍රී ලංකාවේ ප්‍රථම ගුවන්විදුලි සේවාව ලෙස ඉතිහාසයට එක්වූ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සිය සියවස් සංවත්සරය අභිමානවත් ලෙස සමරමින් සිටී.

මෙම සුවිශේෂී කඩඉම සනිටුහන් කරමින් විවිධ සංස්කෘතික සහ විනෝදාත්මක වැඩසටහන් රැසක් මේ වන විට ක්‍රියාත්මක කර ඇත. මධුර ගීත වැඩසටහන් මෙන්ම ක්‍රිකට් තරගාවලි වැනි ක්‍රීඩා ඉසව් ද ඒ අතර වේ.

ගුවන්විදුලි මාධ්‍යයේ විකාශනය සහ එහි පැවති පැරණි මතකයන් ආවර්ජනය කරමින් විශේෂ ඡායාරූප ප්‍රදර්ශන සහ දර්ශනීය වැඩසටහන් රැසක් සංස්ථාව විසින් සංවිධානය කර තිබේ.

මීට අමතරව උත්සව සමය වෙනුවෙන් විශේෂ නත්තල් වැඩසටහන් ද ගුවන්විදුලි ශ්‍රාවකයන් වෙනුවෙන් ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.

නවීන තාක්ෂණය සමඟ මුසු වෙමින් සිය වෙබ් අඩවිය සහ ජංගම දුරකථන යෙදවුම හරහා ද ශ්‍රාවකයන්ට වඩාත් සමීප වීමට ගුවන්විදුලි සංස්ථාව පියවර ගෙන තිබේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version