‘සහජීවන සංස්කෘතිය – පිරිසිදු ශ්‍රී ලංකාවක්’ යන තේමාව යටතේ ජාතික සහජීවන සතිය අද (27) සිට 31 වැනිදා දක්වා රට පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතය. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික කුමාරනායක මහතාගේ අත්සනින් නිකුත් කළ චක්‍රලේඛයකට අනුව මෙම වැඩසටහන දියත් කෙරේ.

මෙම සතියේ සමාරම්භක උත්සවය අද පෙරවරු 9.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය. ඒ සමගම දිවයිනේ සියලුම රාජ්‍ය ආයතනවලදී සහජීවන ප්‍රතිඥාව ලබාදීම සහ නව ආචාරධර්ම සංග්‍රහය හඳුන්වාදීම සිදුකිරීමට නියමිතව ඇත.

රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, නිවැරදි ගුණාංග වර්ධනය කිරීම සහ පක්ෂග්‍රාහී බවින් තොර සේවාවක් ජනතාවට ලබාදීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි.

එමෙන්ම, දූෂණයෙන් තොර ආදර්ශමත් පරිපාලන ව්‍යුහයක් ගොඩනැගීම සඳහා රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම සහ ඔවුන්ගේ වගකීම් සිහිපත් කිරීමද මෙම සතිය තුළ සිදුකෙරේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version