විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් සහ ජාතික සුපිළිපන් සතියට සමගාමීව මෙම විශේෂ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. වෙළඳපොළ තුළ සංසරණය වන පාරිභෝගික භාණ්ඩවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සහ පාරිභෝගික සුරක්ෂිතතාව තහවුරු කිරීම මෙහි මූලික අරමුණයි.

මෙම වැඩසටහන යටතේ පිටකොටුව පොදු වෙළඳපොළේ වෙළඳසල් වෙත ගොස් අලෙවි කරන භාණ්ඩවල සාම්පල ලබාගෙන ඒවායේ ප්‍රමිතිය පරීක්ෂා කිරීමට නියමිතය.

විශේෂයෙන්ම වීදි ආහාර, පොල්තෙල්, සෙල්ලම් බඩු, රූපලාවණ්‍ය ද්‍රව්‍ය, හකුරු සහ පැණි වර්ග මෙන්ම විදුලි උපකරණවල ගුණාත්මකභාවය කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇත.

ප්‍රමිතියෙන් තොර භාණ්ඩ වෙළඳපොළ තුළ සංසරණය වීම වැළැක්වීම සහ පාරිභෝගිකයා අතට ගුණාත්මක භාණ්ඩ පත් කිරීම මෙම වැඩසටහන හරහා අපේක්ෂා කෙරේ. එමෙන්ම දේශීය ව්‍යවසායකයින් ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන සිදු කිරීමට දිරිමත් කිරීම ද මෙහි අරමුණක් බව බලධාරීහු පවසති.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version