නව න්‍යෂ්ටික ගිවිසුමකට එළඹීමට නොහැකි වුවද, හෝර්මුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම යළි විවෘත කිරීමට ටෙහෙරානය එකඟ වන්නේ නම් ඉරානයට එරෙහි හමුදා මෙහෙයුම් අවසන් කිරීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අපේක්ෂා කරන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ප්‍රධාන පෙළේ මාධ්‍ය වාර්තාවකට අනුව, මේ සම්බන්ධයෙන් ට්‍රම්ප් පරිපාලනය පසුගිය සති කිහිපය තුළ විවිධ මට්ටමින් සූදානම් වීම් සිදු කර ඇති අතර, නව ගිවිසුමකින් තොරව වුවද මෙම ගැටුමෙන් ඉවත් වීමේ හැකියාව පිළිබඳව ඔහු සිය ජ්‍යෙෂ්ඨ උපදේශකයන් සමඟ සාකච්ඡා කර ඇත.

කෙසේ වෙතත්, මෙම සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සඳහා ඉරානය විසින් මූල්‍යමය ගෙවීම්, නාවික අවහිරතා ඉවත් කිරීම, කලාපයෙන් ඇමෙරිකානු හමුදා ඉවත් කර ගැනීම සහ සම්බාධක ඉවත් කිරීම ඇතුළු කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ.

ඉරානය පනවා ඇති මෙම දැඩි සීමා සහ ගාස්තු අය කිරීමේ උත්සාහයන් ඇමෙරිකාව විසින් මේ වන විට ප්‍රතික්ෂේප කර ඇති අතර, ඒ හේතුවෙන් දෙපාර්ශ්වය අතර රාජ්‍යතාන්ත්‍රික විසඳුම් සෙවීමේ මාර්ග සීමා වී ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version