මාතලේ, ලක්කල, තොරපට්ටිය ප්රදේශයේදී පුද්ගලයෙකු ඝාතනයට ලක්ව ඇති බව පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ 78 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකි.
මියගිය පුද්ගලයා සහ ඔහුගේ බෑණා අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
පහරදීම සිදුකළ සැකකරු සිද්ධියෙන් අනතුරුව ප්රදේශයෙන් පළාගොස් ඇති බව වාර්තා වේ.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ලක්කල පොලිසිය වැඩිදුර විමර්ශන සහ මෙහෙයුම් ආරම්භ කර ඇත.
