ගල්අඟුරු හිඟතාවක් හේතුවෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදුකරන බවට සමාජ මාධ්ය ඔස්සේ සහ විපක්ෂයේ ඇතැම් පාර්ශ්ව විසින් සිදුකරන ප්රකාශවල කිසිදු සත්යතාවක් නොමැති බව වරාය, සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්ය අනුර කරුණාතිලක මහතා අවධාරණය කරයි.
එවැනි අසත්ය ප්රචාර හමුවේ ජනතාව අනියත බියක් ඇති කරගත යුතු නොවන බවත්, රටේ විදුලි සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්ය පියවර ගෙන ඇති බවත් අමාත්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර, විදුලි උත්පාදන ධාරිතාව ඉහළ නැංවීමේ අරමුණින් ඉදිරි වසර තුළ සුළං බලාගාර මගින් කිලෝ වොට් 400ක අමතර ධාරිතාවක් ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට සැලසුම් කර ඇති බවද අමාත්යවරයා වැඩිදුරටත් පැවසීය.
