ඉතාලිය බලා සංක්‍රමණිකයින් පිරිසක් රැගෙන ගමන් කරමින් තිබූ බෝට්ටුවක් ටියුනීසියානු වෙරළ ආසන්න මුහුදේදී පෙරළී ගිලී ගොස් ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.
මෙම අනතුරින් ටියුනීසියානු ජාතිකයින් 13 දෙනෙකු අතුරුදන් වී ඇති අතර, ඔවුන් සොයා මේ වන විටත් මෙහෙයුම් ක්‍රියාත්මක වේ.
අනතුරට පත් පිරිසෙන් පුද්ගලයින් දෙදෙනෙකු බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත්ව තිබේ. ඉන් එක් අයෙකුගේ සෞඛ්‍ය තත්ත්වය බරපතල බැවින් ඔහු රෝහල්ගත කර ප්‍රතිකාර ලබමින් සිටී.
අතුරුදන් වූවන් සොයා ටියුනීසියානු නාවික හමුදාව සහ සහන කණ්ඩායම් එක්ව විශේෂ සෙවුම් මෙහෙයුම් අඛණ්ඩව සිදු කරමින් පවතින බව වාර්තා වේ.
