ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ පාරදීප් වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී ‘එම්.වී ඕෂන් වින්නර්’ (MV Ocean Winner) නමැති පැනමා ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් අනතුරට ලක්ව ගිලී ගොස් තිබේ.

අගෝස්තු 20 වන දින පාරදීප් වරායෙන් යකඩ ලෝපස් රැගෙන සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ මෙම නෞකාව, වෙරළේ සිට නාවික සැතපුම් 240ක් පමණ දුරින්දී සෙනසුරාදා දිනයේදී මෙලෙස අනතුරට ලක්ව ඇත.

අනතුර සිදුවන අවස්ථාවේදී නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 24 දෙනෙකු ගමන් කර ඇති අතර, ඉන් දෙදෙනෙකු පමණක් ජීවිතාරක්ෂක බෝට්ටු ආධාරයෙන් මේ වන විට බේරාගෙන තිබේ. ඉතිරි 22 දෙනා සොයා දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මකයි.

අතුරුදහන් වූවන් අතර චීන ජාතිකයින් 20 දෙනෙකු, මියන්මාර ජාතිකයින් තිදෙනෙකු සහ බංග්ලාදේශ ජාතිකයෙකු සිටින බව වාර්තා වේ.

ඉන්දීය වෙරළාරක්ෂක බලකාය සහ ඉන්දීය නාවික හමුදාව එක්ව අතුරුදහන් වූවන් සෙවීමේ කටයුතු සිදුකරන අතර, එම කලාපයේ ගමන් ගන්නා අනෙකුත් නෞකාවලටද සහාය වන ලෙස දැනුම් දී ඇත. නෞකාව ගිලී යාමට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැත.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version