පැනමා ජනරජයේ නව තානාපතිනිය ලෙස පත්කරනු ලැබූ නුබියෙලා යනාරිත් අයාලා (Ms. Nubiela Yanarith Ayala) මහත්මිය ශ්රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අක්තපත්ර භාර දී ඇත.
මෙම නිල උත්සවය අගෝස්තු 25 වන දින පෙරවරුවේ කොළඹ පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
පැනමා රජය විසින් ශ්රී ලංකාව සඳහා තානාපතිනිය ලෙස පත්කර ඇති අයාලා මහත්මිය, සිය රාජකාරි කටයුතු හැනෝයි නුවර සිට ක්රියාත්මක කිරීමට නියමිතය. ශ්රී ලංකා රජයේ ද එකඟතාවය මත මෙම පත්වීම සිදුකර තිබේ.
අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපතිනියක ලෙස ඇය මෙලෙස ජනාධිපතිවරයා හමුවේ අක්තපත්ර භාරදීම සිදුකළ අතර, දෙරට අතර රාජ්ය තාන්ත්රික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.
