5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් වීමත් සමඟ දරුවන් දඬුවමට ලක් කිරීම හෝ ඔවුන් මානසික පීඩනයට පත් කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

විභාග ප්‍රතිඵල මත පදනම්ව දරුවන් අපහසුතාවට පත්වන ආකාරයෙන් සමාජ මාධ්‍ය හෝ ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරණ කටයුතු සිදු කිරීමෙන් වළකින ලෙස අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියි.

මෙවැනි ක්‍රියාවන් දරුවන්ට එරෙහි හිංසනයක් ලෙස සලකා දඬුවම් ලැබිය හැකි වැරදි බව අමාත්‍යාංශය පෙන්වා දෙයි. එවැනි ක්‍රියාවන්හි නිරත වන පුද්ගලයන්ට එරෙහිව උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරයි.

දරුවන්ගේ මානසික සෞඛ්‍යය සහ ආරක්ෂාව වෙනුවෙන් දෙමාපියන් සහ වැඩිහිටියන් වඩාත් වගකීමෙන් කටයුතු කළ යුතු බව බලධාරීන් සිහිපත් කරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version